Friday, December 14, 2012

Rush Hour 3 (2007) Sinhala Subtitles



Rush Hour 3 (2007)|වැඩකාරයෝ දෙන්නා..

මේක ගැන ආයි අමුතුවෙන් කියන්න තරම් දෙයක් නැහැ නේ. ගොඩක් අය මේක මේ වෙන කොට බලල ඇති. ඒත් නොබලපු එක්කෙනෙක් හරි හිටියොත් කියල මම පොඩ්ඩක් මේක ගැන කියන්නම්.
කතාව පටන් ගන්නේ මෙහෙමයි. හැන් කියන්නේ ඇමරිකාවේ ඉන්න චීන තානාපතිතුමා එයා හොයා ගන්නවා ජාත්‍යන්තර අපරාධ කල්ලියක් වන “චීන ත්‍රිකය” ගැන තොරතුරු. එතුමා ඒ තොරතුරු ටික ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කරනවා. එතනදි එතුමා ෂයි ෂෙන් කියන චීන ත්‍රිකය සතු වැදගත්ම රහස හෙලිකරන්න සූදානම් වෙනවා. එවිට එතුමාට ස්නයිපර් තුවක්කුකරුවෙක් විසින් වෙඩි තියනවා. මෙතුමගේ ආරක්ෂාව භාරව හිටපු නිළධාරියා පොලිස් පරීක්ෂක ලී (Jackie Chan) මේ ඝාතකය පසු පස හඹා යනවා. රහස් පරීක්ෂක කාටර් (Chris Tucker) ඒ කියන්නේ ලී ගේ හිටපු සහායකයා. එයාව මේ වෙන කොට එයාගේ පිස්සු වැඩ නිසා රථ වාහන හසුරවන අංශයට මාරු කරලයි තියෙන්නේ. එයත් ඒ කිට්ටුව වැඩකරමින් ඉන්නකොට තනාපතිතුමාට වෙඩි තැබූ බව දැනගන්න ලැබිලා ඒ පැත්තට යනවා. මෙයාට මගදි ලීව දකින්න ලැබෙනවා. ඊට පස්සේ මේ දෙන්නම ඝාතකය පස්සේ පන්නනවා. ඒත් කොහොම හරි එයා මේ දෙන්නගෙන් බේරිලා පැන ගන්නවා. ඊට පස්සේ මේ දෙන්න යනවා හැන්ව බලන්න රෝහලට. එතනදි හැන් මිය ගිහින් නැති බවත් එයාට ජීවිතය ගලව ගන්න පුලුවන් වෙන බවත් මේ දෙන්නට දැන ගන්න ලැබෙනවාඒ වගේම එයාලට හම්බවෙනවා හැන්ව බලන්න ආව එයාගේ දුව සූ යන්ව. මේ දෙන්න එයාට පොරොන්දු වෙනවා මේ කල්ලිය නීතිය ඉදිරියට ගේනවා කියලා. ඉතින් ඊට පස්සේ මොනවා වෙයිද කියල දැනගන්න  ඕනේ නම් මේ කතාව බලල ඉන්න වෙනව.
මෙය ප්‍රදර්ශනය කිරීමෙන් ලද මුලු ආදායම ලෙස ඩොලර් 258,022,233 ගානක් හොයාගෙන මේක බොක්ස් ඔෆිස් වාර්ථාවකටද උරුමකම් කියනවා. ඒ වගේම IMDB එකේ මේකට 6.0 ක අගයක්ද ලැබී තියනවා. 

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය www.thesinhalasub.blogspot.com  සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments:

Post a Comment