Sunday, December 9, 2012

Robin Hood (2010) Sinhala Subtitles


Robin Hood (2010) | බැටළුවන් සිංහයන් වනතුරු යළි යළිත් නැගීසිටින්න!

අසාධාරණය රජ කරපු කාලෙක සාධාරණය වෙනුවෙන් නැගීසිටිය වීරයෙක් ගැන කියවෙන වීර කතාවක් තමයි අද අරන් ඇවිල්ල තියෙන්නෙ. හා හා පුරා කියල ලිපියම සිංහල උපසි‍රැසි සහිතවම අරන් ආව ඕං. ඔයාල මෙයා ගැන අනිවාර්යයෙන්ම මීට කලින් අහල ඇතිනෙ. රොබින්හුඩ් කියන්නෙ පෝසතුන්ගෙන් වස්තුව අරගෙන දුප්පතුන්ට බෙදල දුන්න දුප්පතාගෙ හිතවතානෙ. (ඒ වගේම මැරියන් නගාගෙ ආදරවන්තයනෙ. හි හි හි). මේ කථාව රොබින්හුඩ් පුරාවෘතයට නව අර්ථකතනයක් දීල තියෙනව කිව්වොත් වඩා නිවැරදියි (බර වැඩිද මන්ද). ඔන්න එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමුකෝ.
කථාව ආරම්භ වෙන්නෙ 12 වන සියවසේ අග භාගයේදි විතර එංගලන්තෙ පළවෙනි රිචඩ් රජතුමා (ලයන් හාට්) මුස්ලිම්වරුන්ට එරෙහිව කුරුස යුද්ධය දියත් කරල තිබෙන අවස්ථාවක. රොබින් ලොන්ග්ස්ට්රරයිඩ් කියන්නෙ රිචඩ් රජතුමාගෙ හමුදාවෙ හිටිය ඉතා දක්ෂ දුනුවායෙක්. නමුත් අනපේක්ෂිත සිදුවීම් මාලාවකින් පසුව ඔහුට සිදුවනව යුධ බිමේදී මිය යන රිචඩ් රජුගෙ ඔ‍ටුන්න නැවත එංගලන්තය බලා ‍රැගෙනවිත් රජ බිසවට බාරදෙන්න. එවගේම ඔහුට සිදුවනව මිය යන පුද්ගලයෙකුගෙ අවසාන කැමත්තකුත් ඉ‍ටු කරන්න. මෙතැන ඉඳල රොබින් ලොන්ග්ස්ට්රයිඩ්ගෙ ඉරණම තීරණය වන කථාව ආරම්භ වෙනව. ඒ අතරෙ රට තුල කුමන්ත්රනණයකුත් සිදුවෙනව. රොබින්ට අර මියයන පුද්ගලයගෙ අවසාන කැමැත්ත ඉ‍ටු කරන්න පුළුවන් වෙයිද? මැරියන් නගා රොබින් අයියට බහ දේවිද? අවසානයේ රොබින්ට පාවදෙන්නන්ගෙන් සහ ප්‍රංශ හමුදාවෙන් එංගලන්තය බේරගන්න පුළුවන් වෙයිද? මේවට උත්තර හොයන්න ඉතින් බාගෙනම බලමු නේද?
චිත්‍රපටියේ ප්‍රධාන චරිත දෙකට (රොබින්හුඩ් සහ මැරියන්) පණ පොවන්නෙ අපි දන්න කියන ප්‍රසිද්ධ නළු නිළි යුවලක්. ඒ තමයි ඔස්කාර් සම්මානලාභීන් වන Russell Crowe සහ Cate Blanchett. චිත්‍රපටිය අධ‍යක්ෂණය කරල තියෙන්නෙ Gladiator,American GangsterBody of Lies වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු රිඩ්ලි ස්කොට්. චිත්‍රපටිය බලපුවාම නම් තේරුණෙ දෙවැනි කොටසක් එන්න ඉඩ තියෙයිදෝ කියල.

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය www.thesinhalasub.blogspot.com  සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

3 comments: