Friday, December 7, 2012

Devil (2010) Sinhala Subtitles

Devil (2010) | යක්ෂයා අප අතරම විය හැක…

 චිත්‍රපටය නිකුත් වූ මුල් සති කිහිපය තුලදී බොක්ස් ඔ‍ෆිස් නාමකරණයේ 3 වෙනි ඉස්ථානය හා ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාර මෙම සිනමා නිර්මාණයට ලබා ගැනීමට හැකි වූවා. දැනට IMDb රේටින් 6.4 ක් ලබා ගෙන තිබෙනවා. මෙම සිනමා සිත්තමට පාදක වූ කතාව M. Night Shyamalan ලියු කතාවක් පදනම් කර ගෙන බ්‍රයන් නෙල්සන් විසින් ලියන ලද පිටපත යොදාගෙන නිර්මාණය වූ සුපිරි සිනමා සිත්තමක්.
ඩෙවිල් එකෙහි කතාව දෙසට හැරුනොත් විදුලි සෝපානයක් තුල ඇතිවන අද්භූත භයංකර හේතු දාමයක් බයිස්කෝප් එක තුලින් ගලාගෙන යනවා. විවිධාකාර සිතුම් පැතුම් ඇති පුද්ගලයින් කිහිප දෙනෙක්, එකම විදුලි සෝපානයක්, යක්ෂයා විශ්වාස කරන ආරක්ෂකයෙක්, අහම්බෙන් මෙම පරීක්ෂණයට අත ගසන රහස් පරීකෂකයෙක්, සෝපානයේ හිරවී ඇති මිනිසුන් බේරාගැනීමට උත්සාහ ගන්නා ගලවා ගැනීමේ කණ්ඩායමක්. මොහොතින් මොහොත කුමක් වේදැයි නොදැන ගත කරන හැම තත්පරක්ම යක්ෂයාට මාරයාට අඩගසන අවසානයක්. සිත තුල නිතරම කුතුහලය ත්‍රාසය බයම ඇතිකරන මේ සිනමා නිර්මාණය ඔබ අනිවාර්යෙන්ම බැලිය යුතු බැව් නම් කිව යුතුමය. අවසන ඔබට කිව යුත්තේ,
“යක්ෂයා කියලා කෙනෙක් ඉන්නවා නම්, දෙවියන් කියලා කෙනෙකුත් ලෝකෙ ඉන්නවා.”

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය www.thesinhalasub.blogspot.com  සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments:

Post a Comment