Sunday, December 9, 2012

Thuppakki (2012) Sinhala Subtitles


Thuppakki (2012) | මව්බිම උදෙසා සටන් වදින දිරිය සෙබලෙක්..

ඔන්න මම අද ඔයාලට අරන් ආවෙ හැමෝම ආසාවෙන් බලන් හිටපු, විජේගෙ අලුත්ම සුපිරිම ෆිල්ම් එකක්… ඔන්න ෆිල්ම් එක ආපු ගමන්ම මම සබ් එකත් එක්ක ඔයාලට බලන්න අරන් ආව. මේකෙ ප්‍රධාන නිලිය විදියට රඟ පාන්නෙ සුපිරි නිලි ‘කාජල් අගර්වාල්’.. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ A.R. Murugadoss නම් සුපිරි අධ්‍යක්ෂකවරයා විසින්. IMDb ratings 8.5ක්ම හම්බ වෙලා තියනව. ආරංචියේ හැටියට නම් මේ ෆිල්ම් එකේම තවත් හිංදි ෆිල්ම් එකකුත් ගහන්න යනවලු. ෆිල්ම් එකේ කතාව ගැනත් මම පහළින් සඳහන් කරන්නම්..
විජේ කියන්නෙ ඉන්දියන් හමුදාවෙ සේවය කරන කෙනෙක්. ඒ වගේම බුද්ධි අංශයේ විශේෂඥයෙක්, හමුදා රහස් නියෝජිතයෙක්. ඒ කියන්නෙ ඉතින් ආයෙ කතා දෙකක් නෑ සුපිරි වැඩ්ඩෙක් තමයි. මෙයා දවසක් බස් එකකට බෝම්බයක් තියල පැනල ගියපු ත්‍රස්තවාදියෙක්ව අල්ලගන්නව. හැබැයි අල්ලල පොලීසියට බාර දෙන්නෑ. ත්‍රස්තවාදියව තමන්ගෙ ගෙදරට ගෙනියනව ප්‍රශ්න කරන්න. කොහොමහරි විජේ දැනගන්නව එයාලගෙ කණ්ඩායමේ 12 දෙනෙක් ඉන්නව කියල. ඒ දොලොස් දෙනා ඉන්දියාවේ ස්ථාන 12ක බෝම්බ පුපුරවන්න යන්නෙ. ඒත් මේ දොලොස් දෙනාවත් තමන්ගෙ සැලැස්ම හරියට දන්නෑ. එයාලට අණ දෙන්න වෙනම කෙනෙක් ඉන්නව. මේවැනි ත්‍රස්තවාදී කණ්ඩායම් වලට කියන්නෙ Sleeper Cells- ස්ලීපර් සෙල්ස්, කියල. ඉතින් විජේ මෙතැන් පටන් ක්‍රියාත්මක වෙනව, තමන්ගෙ මවුබිම කුරිරු ත්‍රස්තයන්ගෙන් බේරගන්න. එයා මේකට තවත් හමුදා සෙබලු 12 දෙනෙක්වත් සම්බන්ධ කර ගන්නව. ඉතින් ඊට පස්සෙ මේ හමුදා සෙබලු 12 දෙනාට මොකද වෙන්නෙ? විජේගෙ සැලැස්ම මොන වගේ එකක් වෙයිද? විජේට එරෙහිව ත්‍රස්තවාදීන් මොනවගේ පියවරක් ගනියිද? මේ හැමදේම අවසානයේදි ඔයාලට බලාගන්න පුලුවන්. මේ හුටපට අස්සෙ ලස්සන ආදර කතාවකුත් දිව යනව. එහෙනම් හැමෝම රස විඳින්න,,,

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය www.thesinhalasub.blogspot.com  සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments:

Post a Comment