Sunday, December 2, 2012

Sleepy Hollow (1999) Sinhala Subtitles


Sleepy Hollow (1999) | බෙල්ල ගහලා යන වැඩක්නෙ…


මේක 1999 ආපු එකක්, මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ tim burton කියන කෙනා. මේක කප් ගහපු හොරර් ෆිල්ම් එකක්. IMDb මීටරෙ මේකට 7.5 අගයක් ලැබිලා තියෙ මදෑ නේ?
මේකෙ ප්‍රධාන නළුවා johnny depp. හැබැයි මේ ඉන්නෙ pirets of the carribein රඟපාපු johnny depp ද කියලා හිතාගන්න බැරිතරමට ඔහු කඩවසම්.. පොඩ්ඩක් බලමු කථාව, අපෙ කථා නායකයා පොලිස් කොස්තාපල් කෙනෙක්. ඔහුට භාරවෙනවා Sleepy Hollow කියන ගමේ වෙන බෙලිකැපීම් ගැන සොයන්න යන්න. බෙල්ල ගහලා යන වැඩක්නෙ. ඉතින් එහෙදි මොහුට බෝහො අත්දැකීම් වලට මූණදෙන්න වෙනවා.
තනිකර අවුල් ජාලයකට මෙයා මැදිවෙනවා. හිස නැති අසරුවෙක් ඇවිත් ගමෙ අයගෙ බෙලි කපනවා. මොහුට භාර වෙන්නෙ මේ දරුනු යක්ෂයාව අල්ලගන්න. නමුත් මෙයා ඒ වැඩෙ කරන්න ගිහින් ආදරයකත් පැටලෙනවා. තව බෙල්ල ගහලා යන වැඩක් නේ? නමුත් මොහු මොහුගෙ බුද්ධිය පාවිච්චි කරලා මේක විසඳගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා. ඇත්තටම මේ බෙලි කපන වැඩෙ කරන්නෙ කවුද.. ඒකට හේතුව මොකද්ද.. මෙයාගෙ ආදරයට මොකක් වෙයිද.. මේවා දැනගන්නම් මේ ෆිල්ම් එක බලන්නනම වෙනවා. කොටින්ම මෙයාගෙ බෙල්ල ගහලා යනවද නැද්ද කියලා බලන්න ඉතින් ෆිල්ම් එක බලන්න වෙනවා.

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය www.thesinhalasub.blogspot.com  සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments:

Post a Comment