Friday, November 30, 2012

Drive (2011) Sinhala Subtitles




Drive (2011) | ධාවකයා…


මේ කතාව කැටගරයිස් කරල තියෙන්නෙ Crime/ Drama/ Thriller හැටියට. ඇක්ෂන් පැත්තට බර ෆිල්ම් එකක්. ඒත් ගොඩක් ඇක්ෂන් මූවීස් වගේ අතාත්වික නෑ. (අර එක මිනිහෙක් පනහකට හැටකට නෙළන ඒව වගේ) ඒ වගේම මේක එක අතකින් ආදර කතාවක්.
කතාව කෙටියෙන් මෙහෙමයි. මේක ප්‍රධාන චරිතය ඩ්‍රයිවර් කෙනෙක්. (ෆිල්ම් එක පුරාවටම මෙයාගෙ නම සඳහන් වෙන්නෙ නෑ. ඒක හින්ද ඩ්‍රයිවර් කියල කියමු.) රස්සාව ෆිල්ම්ස් වල ඩ්‍රයිවින් ස්ටන්ට්ස් කරන එක. එළිපිට කරන්නෙ ඒ රස්සාව උනත් මෙයා හොරකම්, මංකොල්ල වලට ඩ්‍රයිවර් හැටියට සහභාගි වෙනව. මෙහෙම ඉන්න අතරෙ තමයි මෙයාට අයිරීන්ව හම්බෙන්නෙ. එයාගෙ මහත්තය හිරේ….
හෝව්. මට කතාව කියන්න ගත්තම ඔක්කොම කියවෙනවනෙ. මම කතාව කිව්වම ෆිල්ම් එක බලල වැඩක් නෑ නෙ. අපේ ඩ්‍රයිවර්ට ඉස්සරහට ගැටලු ගොඩකට මූණ දෙන්න වෙනව. මෙයා මේ ඔක්කොගෙන්ම බේරිලා යන්නෙ කොහොමද? පාතාල නායකයන්ගේ ග්‍රහණයෙන් අයිරීන් සහ එයාගෙ පවුල බේරගන්නෙ කොහොමද කියල දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනව.
(තව පොඩි දෙයක් තියනව. මේ ෆිල්ම් එකට R රේටින් එකක් තියෙන්නෙ. Nudity පොඩ්ඩක් තියනව. අනික වෙඩිතියන, කපන කොටන සීන්ස් වල ලේ ගොඩක් පෙන්නනව. අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් වැඩි විස්තර imdb එකේ බලන්න.)

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය www.thesinhalasub.blogspot.com  සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න




No comments:

Post a Comment