Thursday, November 29, 2012

Bad Ass (2012)|නාකියා නරකයා!..




“නරකයා” කියන වචනෙ ඇහුවම කට්ටියට මොකද හිතෙන්නෙ, මේ ෆිල්ම් එකේ ඉන්නෙත් එක්තරා විදියක නරකයෙක් තමයි. 2012 වසරේ නිකුත් වූ මෙම ක්‍රියාදාම චිත්‍රපටයේ නරකයාගේ චරිතයට පණ පොවන්නෙ Danny Trejo. සෙසු චරිත සඳහා Charles S. Dutton( දුෂ්ටයා), John Duffy( ඇට්ටර කොල්ලා), Joyful Drake( ඇට්ටර කොල්ලාගේ මව) යන අය ප්‍රධාන වශයෙන් රංඟනයෙන් දායක වෙනව. මේක අධ්‍යක්ෂණය සහ රචනා කරල තියෙන්නෙ Craig Moss විසින්.
නමින් ෆ්‍රෑන්ක් වේගා කියන කෙනා තමයි මේ ෆිල්ම් එකේ නරකයා. නරකයා කිව්වට නරක වැඩ කරන කෙනෙක් නම් නෙමෙයි. හිත හොඳ නරකයෙක්. හැබැයි ලේසි පහසු පුත්‍රයෙක් නම් නෙමෙයි. මෙයා මුලින් හමුදාවෙ හිටපු කෙනෙක්. හමුදා ජීවිතේ අහවර කරල හා හා පුරා කියල තමන්ගෙ පෙම්වතියව බලන්න යනව. අනේ එතකොට පරක්කු වැඩියි, එයා බැඳල ළමයි ඉන්න අම්ම කෙනෙකුත් වෙලා. මොනා කරන්නද ජීවිතේ හැටි ඔහොම තමයි කියල හිතාගෙන මෙයා රස්සාවක් හොයන්න යනව. ඒත් කවුරුවත් මෙයාට රස්සාවක් දෙන්නෙ නෑ. අන්තිමේදි පේමන්ට් එකේ පොඩි කඩයක් දාගෙන ජීවත් වෙනව. දන්නෙම නැතුව කල් ගත වෙනව. දැන් මෙයා වයසට ගිහින්. ඒත් දවසක් එයාගෙ ජීවිතේ සදහටම වෙනස් කරන්න පුලුවන් විදියෙ දෙයක් වෙනව.
එයා යන බස් එකේ හිටපු වයසක අංකල් කෙනෙක්ට කොල්ලො දෙන්නෙක් සද්දයක් දානව ශීට් එකෙන් නැගිටින්න කියල. මේකට මල පැනල මෙයා උන්ට අම්බානෙට නෙලනව. මේ සීන් එක බස් එකේ හිටපු අය වීඩියෝ කරනව. ඒ වීඩියෝ එක අන්තර්ජාලයේ විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබා ගන්නව. එදා ඉඳන් කවුරුත් මෙයාව හඳුන්වන්නෙ Bad Ass කියන නමින්. පොලීසියේ අය පවා එයා එක්ක හරිම මිතුරුයි. මෙහෙම කල් ගත වෙද්දි යම් හේතුවක් නිසා මෙයාගෙ හොඳම යාලුව මැර කල්ලියක් අතින් මැරුම් කනව. ඊට පස්සෙ මෙයා තමන්ගෙ යාලුවව මරපු අයව හොයාගෙන ඒ අයගෙන් පලි ගන්න හැටි තමයි මේ ෆිල්ම් එකෙන් පෙන්නන්නෙ. හැමෝම බලන්න. පට්ටම ෆිල්ම් එකක්.
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය www.thesinhalasub.blogspot.com  සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments:

Post a Comment