Sunday, November 25, 2012

Aashayein (2010) | මරණය පැමිණෙන දිනය






 "Aashayein". අපි කවුරුත් දන්න ජෝන් අයියා (ජෝන් ඒබ්‍රහම්) තමයි ඉන්නේ. මම පොඩ්ඩක් ඉතින් දැන් පොඩි අදහසක් දෙන්නම් කතාව ගැන.
රාහුල් කියන්නේ, (ඒ කියන්නේ ජෝන්) සුදූ කාරයෙක්, කතාව පටන්ගන්නෙත් සුදූ සින් එකකින්, රාහුල් එයාගෙයි, එයාගේ කෙල්ලගෙයි එකවුන්ට් වල තියෙන සල්ලි සේරම අරන්

ලොකු ඔට්ටුවක් අල්ලනවා, වැඩේ කියන්නේ රාහුල් ඔට්ටුව දිනනවා, ඉතින් එයාට ඔට්ටුවේ මුදලට කෝටි 3 ක් ලැබෙනවා. ඉතින් ඔතනින් සුදූ කතා ඉවරයි…දන්නවනේ ඉතින් ඔට්ටුවක් දින්න කියන්නේ අපි උනත් පාර්ටි තමයි. රාහුල් කරන්නෙත් එකමයි. ඉතින් පාටිය දවසේ රෑ රාහුල් එයාගේ කෙල්ලට (නෆිසා) යෝජනාව දානවා එයාව බඳින්න කියලා. කෙල්ලත් ඉතින් කැමති වෙනවා. ප්‍රොපොසල් එකෙන් පස්සේ ඉතින් රාහුල් නෆිසා ට පොඩි කිස් එකක් දෙනවා. කිස් කරන අතරේ රාහුල් බිමට ඇදන් වැටෙනවා. ෆිල්ම් එකේ මුල් විනාඩි නවය ඉවරවෙන්නේ ඔහොමයි.

ඊලග දවසේ උදේ රාහුල් දැන ගන්නවා එයාට පෙනහළු පිළිකාවක් හැදිලා කියලා, දුම් බිම නිසා. රාහුල් ඒත් ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නවා එයා ගාව ගොඩක් සල්ලි තියෙන නිසා, පිළිකාව හොඳ කර ගන්න පුළුවන් කියලා. ඒත් එහෙම නෑ. ඩොක්ටර් කියනවා එයාට තව ජිවත් වෙන්න පුළුවන් මාස තුනයි කියලා. කොහොමද කෙලිය ඉතින්…
සල්ලි ගොඩයි, මාස තුනයි. දැන් තමයි කතාව වෙනම පැත්තකට යන්නේ. ඉතින් යන පැත්තත් මම කියන්න ඕන නෑනේ.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CHANYAKA විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය www.thesinhalasub.blogspot.com  සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments:

Post a Comment