Friday, November 23, 2012

21 Jump Street (2012)|මතට තිත


කතා තේමාව දෙසට පොඩ්ඩක් හැරුනොත්, එකම පාසලක එකට ඉගෙනුම ලබන, එහෙත් වෙනස් චරිත දෙකක්. කෙනෙක් ඉගෙනුමට දක්ෂ නමුත් සමාජයෙන් කොන් උනු කෙනෙක්. අනිකා සමාජශීලි, වලියට බර, අධ්‍යාපනය අතින් දුර්වල කෙනෙක්. මේ දුර්වල කම නිසාම ඔහුව පාසලෙන් නෙරපනවා. කොහොමින් හරි මේ දෙදෙනා වසර 7 කට පස්සේ හම්බ වෙනවා.ඒත් ඒ පාසලකදී නම් නෙමේ. පොලිස් අභ්‍යාස විද්‍යාලයකදී. පොලිස් නිලධාරීන් ලෙසින් රැකියාවට බැදෙන ඔවුන්ට මුලින්ම රාජකාරිය ලෙස නගර උද්‍යානය මුරකරන්න ලැබෙනවා. ඒත් මේ දෙන්නටනම් කිසිම කෙනෙක්, අඩුගානේ පොඩි එකෙක්වත් බයක් දක්වන්නේ නැහැ. කොහොමින් හරි දෙන්නම මුල් දවසෙම වැඩේ අනාගන්නවා.කොච්චර හොදට අනාගන්නවද කියනවනම් මුල්ම දවසෙම ඔවුන්ව වෙනත් තැනකට මාරු කරනවා. ඒත් මෙතනින් තම කතාව පටන් ගන්නේ. භයානක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව නීතියේ රැහැනට ගැනීම පිණිස ඉතාමත් රහසිගතව කරගෙන යන මෙහෙයුමකට මොවුන්ව සම්බන්ද කරනවා. එම මාරාන්තික කෘතීම මත්ද්‍රව්‍ය පැතිරී තිබෙන පාසලට ඇතුළුවී ඒ පිලිබදව සොයන්න තාම මොවුන්ට පැවරෙන්නේ. මෙතනින් එහාටනම් කතාව කියන්නේ නැහැ. මොකද හොඳම හරිය තමා ඒ. හැමතිස්සෙම අසමත් වෙන මොවුන් මෙදා පාරවත් සාර්ථක වෙයිද…?
නැත්නම් මෙදා පාරත් මෙහෙයුම අනාගනීද, සැරපරුෂ මෙහෙයුම් ප්‍රධානියාගෙන් බේරුමක් තියෙයිද කියලා දැනගන්න ඔබලටම බාරයි.හාස්‍යය,කුතුහලය පිරුණු මෙම බයිස්කෝප් පටය බලලා ඔබගේ වටිනා අදහස්, උදහස් ඉතිරිකරලා යන්න කියලත් ඉල්ලනවා මට සබ් දැමීමේදී උදව් කල රොයිලි අයියටත්, මගේ හිතවත් මිතුරා කෝසලටත් මේ අවස්ථාව ලබා දීපු ඇඩ්මින් සහෝටත් හදපිරි තුති. නැවතත් හමුවෙනතුරු සැමට ජය…..!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CHANYAKA විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය www.thesinhalasub.blogspot.com  සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න




6 comments: